ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු

deposite, savings, leasing, hire purchase, insurance, vehicle hire, investments, finance, vehicle purchace, cf finance, cf finance sri lanka, micro finance

තිරසාර ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් ජිවනෝපායන් වැඩි දියණු කර ප්‍රජාවන් බලගැන්වීමේ ක්‍රියාවලිය කෙරෙහි අපි මහත් සේ විශ්වාසය තබන්නෙමු. සමාගමේ ප්‍රථම ක්ෂුද්‍ර මූල්‍ය යෝජනා ක්‍රමය වන CF නවෝදය දියත් කරන ලද්දේ 2009 වසරෙ දීය. මෙම ව්‍යාපෘතිය මුලදී කේන්ද්‍රගතවූයේ දඹුල්ල, කැප්පෙටිපොල හා සූරියවැව ප්‍රදේශවල ගම් තුනක වන අතර, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද හා නැගෙනහිර පලාත් හරහා දිවෙන ක්ෂුද්‍ර මූල්‍ය ඒකක දහඅටක් දක්වා එය පසුව ව්‍යාප්ත විය.

CF නවෝදය ඉලක්ක කර ඇත්තේ කෘෂිකර්මය, සත්ව පාලනය, ධීවර කටයුතු හා වඩුවැඩ, සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන හා ඇඳුමි මැසීම වැනි ගෘහ කර්මාන්ත හෝ සිය වෘත්තීන් වර්ධනය කර ඔවුන්ගේ ආදායමි වැඩිකර ගැනීමේ අදහසින් සිටින ස්ත්‍රී සහ පුරුෂ පක්ෂයන් වෙනුවෙනි.

එලදෙනුන් මිලදී ගැනීම, යටිතල පහසුකමි සංවර්ධණය කිරීම, තණබිමි වගාකිරීමි හා ජීවවායු  ක්‍රියාත්මක කිරීම යනාදිය සඳහා කිරි ගොවියන්ට ණය ලබාදීම පිණිස CF නවෝදය විසින් විශේෂ ණය වැඩසටහනක්ද හඳුන්වා දෙන ලදී.

නවෝදය යෝජනා ක්‍රමය යටතේ පුද්ගලයන්ට පමණක් නොව ණය කණ්ඩායමිවල සාමාජිකයින්ටද CF ණය ලබා දෙයි. සිය ජීවිත යහපත් දිශාවකට යොමු කිරීම සඳහා ආදායමි උත්පාදක ව්‍යාපෘතිවලට සිය දක්ෂතා යොමු කිරීම දිරිගැන්වීමෙි අරමුණ ඇතිව ප්‍රජාවේ සිටින ස්ත්‍රීන් සඳහාද ණය කණ්ඩායමි පිහිටුවා ඇත. සිය ව්‍යාපෘතීන් වඩා දක්ෂ ලෙස කළමණාකරණය කරන්නේ කෙසේද යන්න ගැන ප්‍රජාවන් දැනුවත් කිරීම පිණිස තාක්ෂණික හා උපදේශන සේවා සැපයීම සඳහා සමාගම විසින් ව්‍යවසායක සංවර්ධණ වැඩසටහන්ද සංවිධානය කරයි.


රුපියල් මිලියන 200 කට අධික වටිනාකමකින් යුත් 2400 කට අධ්ික ණය සංඛ්‍යාවක් ප්‍රදානය කිරීම තුලින් මෙතෙක් පවුල් 1200 ක පමණ ජීවිත සාරවත් කිරීම සමිබන්ධයෙන් සෙන්ට්‍රල් ෆිනෑන්ස් පී. එල්. සි. සමාගම අභිමානී වේ. අපගේ ප්‍රතිලාභීන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ දෙවන හෝ තෙවන ණය චක්‍රවල සිටින අතර, ප්‍රජාවේ සංවර්ධණය හා ඔවුන්ගේ ජීවත තත්වයේ වැඩිදියුණුවීම විශිෂ්ඨය.